• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 අංක 1 දරන මැණික් සහ ස්වර්ණාභරණ (බලපත්‍ර ගාස්තු) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 53 වගන්තියේ විධිවිධාන පරිදි විෂය භාර අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව, එම අධිකාරිය විසින් සපයනු ලබන සේවාවන් සඳහා අය කරනු ලබන ගාස්තු විධිමත් කිරීම සඳහා විෂයභාර අමාත්‍යවරයා විසින් 2020 මා‍ර්තු මස 02 දින ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති "2020 අංක 1 දරන මැණික් සහ ස්වර්ණාභරණ (බලපත්‍ර ගාස්තු) නියෝග" අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.