• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හා කණු මතින් ඉඳිවන වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අදාළ කර ගැනීම
- මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 18ක් යටතේ අත්කර ගෙන ඇති ඉඩම් සඳහා අංක 1864/54 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇති "2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග" හි විධිවිධාන පරිදි වන්දි ගෙවීමට පියවර ගෙන ඇත. එම විධිවිධාන යටතේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නිශ්චය කරනු ලබන තක්සේරු මුදල පිළිබඳව, අදාළ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පාර්ශ්වයන්ට ඉඩම් අත්පත් කර ගැනීමේ හා ප්‍රතිස්ථාපනය කිරීමේ කමිටුව වෙත කරුණු ඉදිරිපත් කර ව්‍යවස්ථාපිත වන්දියට අමතරව සුදුසු සහන ලබා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, මහාමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන කණු මත ඉදිවන කොළඹ වරාය නගර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හා රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යන මාර්ග ව්‍යාපෘතින් සඳහා ද 2013 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අදාළ කර ගැනීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.