• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බිම්ස්ටෙක් (BIMSTEC) ප්‍රඥප්තිය පිළිගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීම
- බහු - ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය (BIMSTEC), එම කලාපයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන සංසදයක් වශයෙන් 1997 වර්ෂයේ දී ස්ථාපිත කර ඇත. එය බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය, ඉන්දියාව, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන සාමාජික රටවල් 7කින් සමන්විත වේ. 2018 වර්ෂයේ කත්මන්දුහි පැවති සිව්වැනි සමුළුවේදී තීරණය කර ඇති පරිදි එම සංවිධානය සඳහා අවශ්‍ය ආයතනික මාර්ගෝපදේශ ලබා දීම පිණිස ප්‍රඥප්තියක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති අතර, 2020 සැප්තැම්බර් මාසයේදී පැවති බිම්ස්ටෙක් (BIMSTEC) ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීමේ 21 වැනි සැසිවාරයේදී එම ප්‍රඥප්තියේ වැඩ කටයුතු අවසන් කර ඇත. ඒ අනුව, 2021 මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සංවිධානයේ 5 වැනි සමුළුවේදී සාමාජික රාජ්‍යයක් වශයෙන් එම ප්‍රඥප්තිය පිළිගැනීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.