• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මැඩගස්කරයේ ඇන්ටනනාරිවෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම
- ශ්‍රී ලංකාව සහ මැඩගස්කරය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 2001 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර, දැනට සීෂෙල්ස්හි වික්ටෝරියාහි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මැඩගස්කරය සඳහා සමගාමීව අක්තගන්වා ඇත. ශ්‍රී ලංකාව සඳහා ආර්ථිකමය වශයෙන් එරට පවතින අවස්ථාවන් සහ මැඩගස්කරයේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා සඳහා එරට කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, මැඩගස්කරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීම පිණිස විදේශ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.