• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය' යටතේ ඉදිකරනු ලබන නිවාස සංඛ්‍යාව හා ව්‍යාපෘති කාලසීමාව සංශෝධනය කිරීම
- 2017 අප්‍රේල් මස 04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රණවිරු සේවා අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාන්විත රාජකාරිවලදී දිවි පිදූ සහ තුවාල ලැබූ රණවිරු පවුල් සඳහා 'විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි ව්‍යාපෘති කාලය වසර 04ක් වන අතර, ව්‍යාපෘතිය 2020 වර්ෂයේදී නිම කිරීමට සැලසුම් කර තිබුණි. එහෙත්, ව්‍යාපෘතිය යටතේ අලුතින් නිවාස ඉදිකිරීම සඳහා ප්‍රතිලාභීන් 346 දෙනෙකු සහ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාසවල ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා ප්‍රතිලාභීන් 2,454 දෙනෙකු තෝරා ගෙන ඇත. ව්‍යාපෘතිය යටතේ අර්ධ වශයෙන් ඉදිකර ඇති නිවාසවල ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් එවැනි නිවාස 4,000ක් සහ අලුතින් නිවාස 450ක් ඉදිකිරීමට හැකි වන පරිදි ව්‍යාපෘතියේ විෂය පථය සංශෝධනය කිරීමටත්, ව්‍යාපෘති කාලය 2022 වර්ෂය අවසානය දක්වා දීර්ඝ කිරීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.