• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය පිහිටි ඉඩම සඳහා නිදහස් දීමනා පත්‍රයක් ලබා දීම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය රත්මලාන, කඳවල පිහිටි රූඩ් 01 පර්චස් 37.2ක බිම් කොටසක පවත්වා ගෙන යනු ලබයි. එකී බිම් කොටස ඉඩම් අත්කර ගැනීමේ පනතේ 38(අ) අතුරු විධානය යටතේ රජයට අත් කර ගනු ලැබ ඇත. එකී ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනා පත්‍රයක් මඟින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.