• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමල ග්‍රිඩ් උපපොළ සඳහා වූ 10MWක සුළං බලාගාර කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය වැඩි කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලය, මන්නාරම, බෝලවත්ත, මාදම්පෙ සහ කප්පල්තුරේ ග්‍රිඩ් උපපොළවල් සඳහා, එකතුව මෙගාවොට් 60 වන සුළං බල ධාරිතාවක් විදුලිබල සැපයුම් පද්ධතියට එකතු කිරීම සඳහා තීරණය කර ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පදනම් කරගනිමින් ත්‍රිකුණාමල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක සුළං බලධාරිතාවක් වසර 20ක කාලයකට, විදුලි ඒකකයක් රුපියල් 14.52ක් (14.52LKR/kWh) බැගින් මිල දී ගැනීමටත්, එකී බලාගාරය එය සම්ප්‍රේෂණ ජාලයට අන්තර් සම්බන්ධිතව ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව කැපිටල් සිටි හෝල්ඩින් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමටත් විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.