• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වගවත්ත ග්‍රිඩ් උපපොළ සඳහා 132/33kV, 45MVA විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සපයා සවිකිරීම සහ අධීක්ෂණය සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- වගවත්ත ග්‍රිඩ් උපපොළ සඳහා 132/33kV, 45MVA විදුලි ට්‍රාන්ස්ෆෝමර් දෙකක් සපයා සවිකිරීම සහ අධීක්ෂණය සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා තරගකාරි ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියාවේ M/s PT.CG.Power Systems සමාගම වෙත රුපියල් මිලියන 245.62 (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.