• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ගොඩනැගිල්ල සැලසුම් කර, ඉදිකර භාරදීමේ පදනම මත ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී කොන්ත්‍රාත්තුව සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 3,624.96 (වැට් රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.