• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සොයිසාපුර පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 30කින් සමන්විත ගොඩනැගිලි දෙකක් ඉදිකිරීම
- සොයිසාපුර නිවාස ක්‍රමය පිහිටි භූමියේ පැවැති අබලන් දෙමහල් අඩු කුලී නිවාස 48ක් සහ අනවසර පැල්පත් 24ක් පුනස්ථාපනය කිරීමට නිවාස 20 බැගින් වන ගොඩනැගිලි 05ක් ඉදි කිරීම සඳහා සොයිසාපුර පුනස්ථාපන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2014 ඔක්තෝබර් මස 16 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ගොඩනැගිලි 03ක නිවාස 60ක් ඉදිකර අදාළ පවුල් පදිංචි කරවා ඇත. ඉතිරි ගොඩනැගිලි දෙකේ නිවාස 40 පෙර විකුණුම් පදනම මත ඉදි කිරීමට සැලසුම් කර ඇති නමුත් දැනට ක්‍රියාත්මකව පවතින විධිවිධාන යටතේ නිවාස 30ක් පමණක් ඉදි කළ හැකි බව නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව, සොයිසාපුර නිවාස ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 550කින් යුත් නිවාස 20කින් සමන්විත ගොඩනැගිල්ලක් සහ නිවාස 10කින් යුත් ගොඩනැගිල්ලක් වශයෙන් නිවාස 30ක් පෙර විකුණුම් පදනම මත ඉදි කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.