• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පල්ලෙකැලේ යෝජිත යුද්ධ හමුදා මූලික රෝහල සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- මහනුවර ප්‍රදේශයේ සහ ‍ඒ අවට දිස්ත්‍රික්කවල සේවය කරන සහ පදිංචි හමුදා භට පිරිස්වලට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මහනුවර පල්ලෙකැලේ නව මූලික රෝහලක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා තට්ටු 03කින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අපේක්ෂිත අතර, රුපියල් මිලියන 376.22ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය සෙසු නිලයන්ගේ ශ්‍රමය යොදා ගනිමින් යෝජිත රෝහල වර්ෂයක කාලයක් තුළ ඉදිකර අවසන් කිරීමටත්, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් වෙන් කර ගැනීමටත් ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.