• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ගුණාත්මක බීජ නිෂ්පාදනය වැඩි කිරීම
- දේශීයව නිපදවිය හැකි භෝග වගා කර ආනයනයන් අවම කිරීම සඳහා 2020 යල කන්නයේ සිට ආරම්භ කරන ලද "ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන" මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ වගා කරනු ලබන බිම් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා ගුණාත්මක බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පමණක් සපයා දීමට හැකියාවක් නොමැති බැවින්, ගොවීන් සඳහා බීජ අවශ්‍යතාවන් අදාළ ප්‍රදේශවලම නිෂ්පාදනය කර ගැනීමට හැකි වන අයුරින් පළාත් හා අන්තර් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු හා මහවැලි බල ප්‍රදේශවල බීජ නිපදවනු ලබන ආයතන හා ඒකාබද්ධව විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.