• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපලෙහි අක්කර 1,000ක පෝෂණ තෘණ සයිලේජ් බේල් කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම
- ගුණාත්මකභාවයෙන් යුත් රළු ආහාර නොමැතිවීම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මහා පරිමාණ කිරි ගොවිපොළවල පවතින ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති අතර, සාමාන්‍යයෙන් එක් කිරි දෙනකට ශරීර බරින් 10%ක් පමණ රළු ආහාර ලබා දිය යුතු වේ. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපො‍ෙළහි අක්කර 1,000ක පෝෂණ තෘණ සයිලේජ් බේල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එහි මූලික පියවර වශයෙන් එම ගොවිපොළේ අක්කර 1,000ක පෝෂ්‍ය බඩ ඉරිඟු සහ සෝගම් වගා කර යන්ත්‍රානුසාරයෙන් බේල් කරන ලද සයිලේජ් නිෂ්පාදනය කිරීමටත්, එහි දෙවන අදියර යටතේ කිරි ගවයින් 2,000ක් ආනයනය කර එම ගොවිපොළවල රැඳවීමටත් සැලසුම් කර ඇත. ඒ අනුව, මෙකී ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු ප්‍රාග්ධන වියදමෙන් 60%ක් රජයේ දායකත්වය වශයෙන් ලබා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.