• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් දක්වා ඉහළ නැංවීම
- සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නව ජාතික පාසල් 1,000ක් ස්ථාපනය කිරීම සඳහා යෝග්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2019 දෙසැම්බර් මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදියර 3ක් යටතේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ පිළිවෙලක් සැලසුම් කර ඇති අතර, පළමු අදියර යටතේ දැනට කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක එක් පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමටත්, දෙවන අදියර යටතේ හඳුනාගනු ලබන නිර්ණායක මත තෝරාගනු ලබන පාසල් 673ක් ජාතික පාසල් වශයෙන් වැඩි දියුණු කිරීමටත්, තෙවන අදියර යටතේ දැනට ක්‍රියාත්මක ජාතික පාසල් 373 තවදුරටත් සංවර්ධනය කිරීමටත් අදාළව සකස් කරනු ලැබ ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.