• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය, 'මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය' ලෙස සංශෝධනය කිරීම
- 1979 වර්ෂයේදී ස්ථාපනය කර ඇති "ළමා ලේකම් කාර්යාලය" මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන කේන්ද්‍රීය ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි. එම ආයතනය මුල් ළමාවිය අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයට අදාළව ද විශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලබන නමුත් ආයතනයේ වර්තමාන නාමයෙන් ඒ පිළිබඳව නිරූපනය නොවන බව පෙනී ගොස් ඇත. එබැවින් "ළමා ලේකම් කාර්යාලය" යන ආයතන නාමය "මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය" වශයෙන් සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.