• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු රජයේ ආධාර මත ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති හතරක මුදල් ගෙවීම් ක්‍රමවේදය සංශෝධනය කිරීම
- අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ඉදිකිරීම පිණිස එක් ව්‍යාපෘතියකට ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 බැගින් ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් ප්‍රදානයන් ලබා දී ඇති අතර, අදාළ ව්‍යාපෘති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. ප්‍රතිලාභීන් විසින් සිය වියදමින් අදාළ ඉදිකිරීම් අදියර වශයෙන් නිම කළ පසු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාවක් මත අදාළ මුදල් නිදහස් කිරීමට පියවර ගනු ලබයි. එහෙත්, එපරිදි කටයුතු කිරීම සඳහා අවශ්‍ය අරමුදල් නිවාසලාභීන් සතුව නොමැති බැවින් ව්‍යාපෘතියේ ප්‍රගතිය පහළ මට්ටමක පවතින බැවින්, නිවසේ ඉදිකිරීම් ආරම්භ කරන අවස්ථාවේදීම එම අදියර සඳහා අවශ්‍ය වාරික මුදල ලබා දීමටත්, ඉන් අනතුරුව ඉදිකිරීම් ප්‍රගතිය අනුව ඉතිරි වාරික මුදල් නිදහස් කිරීමටත් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එකඟතාව පළ කර ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.