• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධන කිරීම
- 1976 අංක 27, 1982 අංක 52, 2006 අංක 35 සහ 2019 අංක 11 දරන පනත් මඟින් සංශෝධිත 1968 අංක 15 දරන (සංශෝධිත) ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත තවදුරටත් සංශෝධනය කිරීම සඳහා 2015 දෙසැම්බර් මස 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.