• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම හා පුනස්ථාපනය කිරීම
- දේශීය සිනමා හා ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයට අවශ්‍ය චිත්‍රාගාර හා දර්ශන පසුතල පහසුකම් සහ එම ක්ෂේත්‍රයන්හි ශිල්පීන් සඳහා නවාතැන් සහ අනෙකුත් පහසුකම් සහනදායී පදනමක් මත සලසා දීම මඟින් දේශීය සිනමා හා ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය ස්ථාපිත කර ඇත. 2010 වර්ෂයේ සිට මේ දක්වා දේශීය සිනමාපට 13ක්, ටෙලි නිර්මාණ 18ක් සහ වෙළඳ දැන්වීම් ගීත 08ක් නිර්මාණය කර තිබේ. පසුගිය වසර 04ක කාලය තුළ මෙම උද්‍යානය නිසි පරිදි නඩත්තු කර නොමැති බැවින්, ආයත‍නයේ බොහෝ භෞතික සම්පත් විනාශ වෙමින් පවතී. එබැවින්, එකී ටෙලි සිනමා උද්‍යානයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කඩිනමින් සිදු කළ යුතු බවට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා 2021 සහ 2022 යන වර්ෂයන් තුළදී මහා භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.