• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම
- කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී ඇති බැවින්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම පහත වැටී ඇත. මීට ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත අරමුදලේ කටයුතු සඳහා රුපියල් මිලියන 135ක ණය මුදලක් ලබා ගැනීමට පියවර ගෙන ඇතත් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එම ආයතනය විසින් දැනට ඉටුකරමින් පවතින සංරක්ෂණ හා ඉදිකිරීම් කාර්යයන්ට අදාළ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් මිලියන 50ක ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබා ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.