• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
- පහත සඳහන් ගැසට් නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(i) 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ:

* 2020 සැප්තැම්බර් 02 දිනැති අංක 2191/25 දරන ගැසට් නිවේදනය

* 2020 ඔක්තෝබර් 23 දිනැති අංක 2198/57 දරන ගැසට් නිවේදනය

* 2020 ඔක්තෝබර් 26 දිනැති අංක 2199/2 දරන ගැසට් නිවේදනය

* 2020 නොවැම්බර් 28 දිනැති අංක 2203/37 දරන ගැසට් නිවේදනය

(ii) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ:

* 2020 අගෝස්තු 21 දිනැති අංක 2189/47 දරන ගැසට් නිවේදනය

* 2020 ඔක්තෝබර් 12 දිනැති අංක 2197/3 දරන ගැසට් නිවේදනය

(iii) 2003 අංක 25 දරන මුදල් පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති 2020 සැප්තැම්බර් 21 දිනැති අංක 2194/6 දරන ගැසට් නිවේදනය

(iv) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ:

* 2020 නොවැම්බර් 10 දිනැති අංක 2201/6 දරන ගැසට් නිවේදනය

* 2020 නොවැම්බර් 16 දිනැති අංක 2202/3 දරන ගැසට් නිවේදනය

* 2020 නොවැම්බර් 24 දිනැති අංක 2203/16 දරන ගැසට් නිවේදනය