• Increase font size
  • Default font size
  • Decrease font size

2020-12-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපනයන වෙළෙඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
- අපනයන වෙළෙඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම පිණිස චීනයේ Shandong Haohua Tire Co. Limited විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් සහිතව ආයෝජන මණ්ඩලය වෙත ව්‍යාපෘති ‍යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 2008 අංක 14 දරන (සංශෝධිත) ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, මාස 36ක කාලසීමාවක් තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට හා මුළු නිෂ්පාදනයෙන් අවම වශයෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය කිරීමට යටත්ව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන පරිදි අදාළ බදු සහන ලබා දීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.