• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
- කළුතර අධිකරණ සංකීර්ණය දැනට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩමක සහ ගොඩනැගිලිවල පවත්වාගෙන යන අතර, කළුතර නගර සංවර්ධන සැලැස්ම යටතේ නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීම සඳහා හෙක්ටයාර 1.064ක ඉඩම් කොටසක් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා දී ඇත. ඒ අනුව, නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම සඳහා වන උපදේශක සේවාව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පැවරීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.