• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- 2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92Unl) බැරල් 1,564,500+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 535,500+10/-5%ක් ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය M/s BB Energy (Asia) Pte. Ltd., Singapore වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.