• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඒරියල් බණ්ඩල් සන්නායක Alu.(ABC) 230/400V3x70+54.6+ ව.මි.මි. 16-කි.මී.2000 සැපයීම හා බෙදාහැරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම - යොමු අංක
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 2 සඳහා ඒරියල් බණ්ඩල් සන්නායක සපයා ගැනීමට තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදාහැරීම් කලාප 2 සඳහා ඒරියල් බණ්ඩල් සන්නායක Alu.(ABC) 230/400 V3x 70 + 54.6+ ව.මි.මි. 16-කි.මී.2000 සැපයීම හා බෙදාහැරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s ACL Cables PLC ආයතනය වෙත පිරිනැමීම පිණිස විදුලිබල අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.