• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීම
- ජාතික කලාභවන ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව අවස්ථා කිහිපයකදී අමාත්‍ය මණ්ඩල අනුමැතීන් ලබා ගෙන ඇති අතර, 2018 අගෝස්තු මස 21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ සඳහා රුපියල් මිලියන 42ක ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නොමැත. දැනට එහි ප්‍රධාන ගොඩනැගිල්ලේ වැසි ජලය බැස යාමට සවිකර ඇති ප්‍රධාන වැහිපීල්ල තුළින් ජලය කාන්දුවීම හේතුවෙන් එම ගොඩනැගිල්ල ඉතා අබලන් තත්ත්වයේ පවතින අතර කඩිනමින් අලුත්වැඩියා කළ යුතුව ඇත. එබැවින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය ලබා ගෙන ජාතික කලාභවනෙහි අදාළ අලුත්වැඩියාවන් ඉටු කරවා ගැනීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.