• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2021 වසර සඳහා පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ 2021 වර්ෂය තුළ "සෞභාග්‍යා" කිරිගව සංවර්ධන ව්‍යාපෘතිය සහ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා "කිරිගව සංවර්ධන මධ්‍යස්ථාන" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, "සෞභාග්‍යා" කිරි ගව සංවර්ධන වැඩසටහන යටතේ සත්ත්ව අභිජනනය කාර්යක්ෂම කිරීම, සත්ත්ව පෝෂණය ඉහළ නැංවීම, සත්ත්ව සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම සහ සත්ත්ව අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පරිසර හිතකාමී ගො‍විපොළ බිහි කිරීම ආදිය සැලසුම් කර ඇත. එසේම, කිරි ගව සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවීමේ ව්‍යාපෘතිය මඟින් කෘත්‍රිම සිංචන මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය යෙදවුම් සහ පුහුණු කිරීම් සිදු කිරීම, පශු වෛද්‍ය කාර්යාල ජාලගත කිරීම වැනි කාර්යයන් මඟින් කිරි අගය දාම ක්‍රියාවලිය සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 2021-2023 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.