• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා - සිංගප්පූරු 50 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කිරීම
- ශ්‍රී ලංකා - සිංගප්පූරු 50 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ සිංගප්පූරු තැපැල් ආයතනය මුද්දර 02 බැගින් නිකුත් කිරීමට එකඟ වී ඇත. ඒ අනුව, දෙරටටම පොදු තේමාවක් වශයෙන් "සමුද්‍රීය ජෛව සංරක්ෂණය" තේමාව යටතේ එම මුද්දර නිර්මාණය කිරීමටත්, නිකුත් කරනු ලබන මුද්දරවලින් 4,000ක් බැගින් සහ සමරු පත්‍රිකා 1,000ක් බැගින් දෙපාර්ශ්වය අතර හුවමාරු කර ගැනීමටත් සැලසුම් කර ඇත. ඒ සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.