• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර සීඝ්‍රගාමී කුරියර් සේවාවක් (Speed Post Courier Service) මඟින් සේවාලාභී මහජනතාව වෙත ලබා දීම සඳහා පහසුකම් සැපයීම
- වාහනයක් ලියාපදිංචි කිරීමේදී වාහන ලියාපදිංචි සහතිකය, වාහන අංක තහඩු හා ස්ටිකරයක් නිකුත් කරනු ලබයි. දැනට පවතින ක්‍රමවේදය යටතේ ඒවා ලබා ගැනීම පිණිස සැලකිය යුතු කාලයක් සහ වියදමක් දරා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු වේ. එසේම, නව රියදුරු බලපත්‍ර ලියාපදිංචි තැපෑලෙන් සේවාදායකයින් වෙත යොමු කිරීමේදී ද යම් ප්‍රමාදයක් සිදු වන බව පෙනී ගොස් ඇත. ඊට පිළියමක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක සීඝ්‍රගාමී කුරියර් සේවාව යටතේ එම ද්‍රව්‍යයන් සේවාදායකයාගේ නිවසට ගෙන ගොස් භාර දීමට හැකිවන අයුරින් යෝග්‍ය වැඩසටහනක් තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.