• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ත්‍රී-පුරුෂ භාවය හා වයස අනුව වර්ගීකරණය කරන ලද දත්ත හා තොරතුරු රැස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම
- ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංගණනයන් හා සමීක්ෂණයන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමීක්ෂණයන් වැනි සීමිත ප්‍රමාණයක හැරුණු විට ස්ත්‍රී-පුරුෂ භාවය හා වයස් කාණ්ඩ අනුව තොරතුරු ලබා ගැනීමේ අපහසුතාව ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන ක්‍රියාවලියේදී ගැටලුවක් බවට පත් වී ඇත. විශේෂයෙන් ළමා හා කාන්තා සංවර්ධන ක්ෂේත්‍රය තුළ රජයේ ප්‍රමුඛතාව ලබා දී ඇති අවශ්‍යතා හඳුනාගැනීම, ඒවායේ ප්‍රවණතාවන් වටහා ගැනීම හා ඒවාට විසඳුම් ලබා දීමේ සැලසුම් හා උපායමාර්ග නිශ්චය කිරීමේ කටයුතු සඳහා එම තොරතුරු අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන විසින් සිය විෂය පථයන් යටතේ සිදු කරන සියලුම සංගණන, සමීක්ෂණ සහ අධ්‍යයන මඟින් රැස් කරන තොරතුරු ස්ත්‍රී-පුරුෂභාවය හා වයස් කාණ්ඩ අනුව රැස් කිරීම අනිවාර්ය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.