• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොළොන්නරුව පරිපාලන සංකීර්ණය ඉදි කිරීම
- පොළොන්නරුව පරිපාලන සංකීර්ණය ඉදි කිරීම සඳහා 2016 ඔක්තෝබර් මස 18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදි කිරීම් කටයුතු සිදු කර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා මේ වන විට රුපියල් මිලියන 1,018ක් වැය කර ඇති අතර, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන 19ක් සඳහා එම ගොඩනැගිල්ලේ ඉඩ පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇත. එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා තවදුරටත් වායු සමීකරණ පද්ධතිය සවි කිරීම, විදුලි ජනන යන්ත්‍ර ස්ථාපිත කිරීම, ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම හා භූමි අලංකරණ කටයුතු සිදු කළ යුතු අතර, ඒ සඳහා රුපියල් මිලියන 265ක් ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, එකී ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීම සඳහා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.