• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිංහපුර මහල් නිවාස ව්‍යාපෘතිය ඉදි කර ඇති 48 වත්ත ඉඩම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම
- තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනාතමුල්ල ගමේ පිහිටි රජයට අයත් හෙක්ටයාර 0.4423ක ඉඩම් කොටසක අදියර දෙකක් යටතේ කොළඹ මහ නගර කලාපය තුළ අඩු පහසුකම් මධ්‍යයේ ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුල් 120ක් සඳහා සිංහපුර මහල් නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස පහසුකම් ලබා දී ඇත. එම නිවාස වැඩසටහන 2007 වර්ෂයේදී එවකට නිවාස විෂය භාර අමාත්‍යාංශය යටතේ පැවති ආයතනයක් වන රියල් එස්ටේට් එක්ස්චේන්ජ් (ප්‍රයිවට් ලිමිටඩ්) ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන රුපියල් මිලියන 174.15ක් වැය කර ඇත. අදාළ නිවාස ලබා දුන් අඩු ආදායම්ලාභීන් වෙත ඔප්පු ලබා දීම සඳහා එම ඉඩම් කොටස නිදහස් ප්‍රදානයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.