• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2007 අංක 48 දරන විශේෂ වෙ‍ෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති ගැසට් නිවේදන 06ක්, 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් සහ ආනයනික ඉන්ධන සඳහා රේගු ආඥාපනතේ විධිවිධාන පරිදි තීරු බදු මත අධිභාරයක් පැනවීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.