• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ කාලය දීර්ඝ කිරීම
- ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම පිණිස රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමට යෝග්‍ය නිර්දේශ මාස 03කින් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම පිණිස 2020 ජූලි මස 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. දැනට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් අපේක්ෂිත පරිදි කමිටුවේ කාර්යභාරය නිම කිරීමට හැකි වී නොමැත. එබැවින්, එම කමිටුවේ කාල සීමාව 2020 නොවැම්බර් මස 18 දින සිට තවත් මාස 3කින් දීර්ඝ කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.