• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් වශයෙන් දේශීයව නිෂ්පාදිත සාරි ලබා දීම
- දිවයින පුරා පවත්වාගෙන යනු ලබන බෞද්ධ දහම් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීම 2004 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ අනුව 2020 වර්ෂය සඳහා බෞද්ධ දහම් පාසල් ගුරුවරියන්හට නිල ඇඳුම් ලෙස බෙදා දීම පිණිස සාරි 76,000 ක් අවශ්‍යව ඇත. ඒ සඳහා දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් විසින් නිපදවනු ලබන සාරි 76,000 ක්, එක් සාරියක් රුපියල් 2,400/- බැගින් රුපියල් මිලියන 182.4ක මුදලකට ලංකා සළුසල ආයතනයෙන් මිල දී ගෙන සැපයීම පිණිස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.