• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත ස්ථාපිත කිරීම
- 1972 අංක 11 දරන කෘෂිකාර්මික සංස්ථා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන යටතේ කුළුබඩු හා ඒ ආ‍ශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය ස්ථාපිත කර ඇති අතර, එම ආයතනයේ කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට පවරා 2008 ජූලි මස 27 දින සිට ආයතනය වසා දැමිය යුතු බවට 2008 ජූලි මස 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය මේ වන විට උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරී ඇත. එකී රාජ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇති වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව ඇති බැවින් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නැවත සක්‍රීය කර එහි කටයුතු පවත්වාගෙන යාම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.