• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා දිනකට බැරල් (bblspd) 100,000 ක නව පිරිපහදුවක් සපුගස්කන්දේ ස්ථාපිත කිරීම
- සපුගස්කන්දේ පිහිටා ඇති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරිපහදුවේ දැනට පවතින ධාරිතාව දිනකට බොර තෙල් බැරල් 40,000ක් පමණක් වීම හේතුවෙන් පිරිපහදු ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 25%ක් පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරිපහදුව විසින් සපුරලනු ලබයි. විදේශ විනිමය මත වැඩි බලපෑමක් ඇති කරමින් ඉතිරි 75%ක ප්‍රමාණය ආනයනය කිරීමට සිදුව ඇත. දිනකට බොර තෙල් බැරල් 100,000ක් දක්වා එම ධාරිතාව ඉහළ නැංවීමට හැකි වන පරිදි එම පිරිපහදුව පුළුල් කිරීම හා නවීකරණය කිරීම සඳහා 2010 වර්ෂයේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇති නමුත් ඉන් අනතුරුව එම ක්ෂේත්‍රයේ සිදු වී ඇති තාක්ෂණික වෙනස්කම් හේතුවෙන් එම ශක්‍යතා අධ්‍යයනයේ ප්‍රතිඵල මත තවදුරටත් කටයුතු කිරීමට හැකියාවක් නොමැත.

එබැවින්, දැනට පවතින ඛනිජ තෙල් නිෂ්පාදන පිරිපහදු කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා විකල්ප යෝජනා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කොට ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියේ විෂය පථය, තාක්ෂණික, මෙහෙයුම් හා මූල්‍යමය ශක්‍යතාව නිශ්චය කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.