• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම ක්‍රමවත් කිරීම
- සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදන ක්‍රියාදාමයක් සඳහා ගුණාත්මක බෝග නිෂ්පාදනයට හිතකර තිරසර පාංශු තත්ත්වයන් පවත්වා ගැනීම පිණිස පොහොර නිෂ්පාදනය, සැපයීම හා භාවිතය විද්‍යාත්මක පදනමකින් හැසිරවිය යුතු වේ. එබැවින්, පොහොර නාස්තිය, හිඟකම, ප්‍රමිතියෙන් බැහැර වීම සිදු නොවන සුදුසු තාක්ෂණික ක්‍රම සහිත විධිමත් පොහොර සැපයුම් දාම කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුව ඇත. ඒ අනුව, ජාතික ‍පොහොර ලේකම් කාර්යාලය නවීන තාක්ෂණයන්ගෙන් පරිපූර්ණ කිරීම, පවත්නා රසායනාගාර වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමග සහයෝගයෙන් ස්ථාපිත කෙරෙන ක්ෂේත්‍ර පරීක්ෂණ යාන්ත්‍රණයක් ඇතුළු දිස්ත්‍රික් මට්ටමේ මෙහෙයුම් හා ඇගයුම් පද්ධතිය ශක්තිමත් කිරීම විෂය පථයට ඇතුළත් කරමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ උපදෙස් මත ස්වයංක්‍රීය මධ්‍යගත ක්‍රමවේදයක් පාදක කර ගත් විද්‍යාත්මක පරිමිතීන්ගෙන් සහ සංරචකයන්ගෙන් සමන්විත යටිතල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.