• Increase font size
  • Default font size
  • Decrease font size

2020-11-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරම්පරික කර්මාන්තකරුවන්ගේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කළ හිස් උණ්ඩ කොපු සහ භාවිතයෙන් ඉවත් කළ සන්නාහ තහඩු ලබා ගැනීම
- පාරම්පරික ශිල්පීය කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්‍රය ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල බලපෑමක් කළ හැකි ක්ෂේත්‍රයක් බැවින් එකී කර්මාන්තකරුවන් බලගැන්වීම සඳහා ඔවුන් මුහුණ දෙන ගැටළු විසඳීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ අනුව, එම නිෂ්පාදන වෙළෙඳපොළේ අලෙවි කිරීමේදී ආනයනික භාණ්ඩ සමග තරඟයක් ලබා දීමට හැකි වන පරිදි ඒවායේ මිල නියම කිරීමට නිෂ්පාදකයන්ට අවස්ථාව ලබා දීම පිණිස ඔවුන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය සහන පදනමක් යටතේ ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කරන ලද හිස් උණ්ඩ කොපු (පිත්තල) සහ භාවිතයෙන් ඉවත් කළ සන්නාහ තහඩු ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයෙන් බැහැරව, 2017 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති මිල සූත්‍රය පදනම් කර ගෙන ජාතික ශිල්ප සභාව වෙත ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යන ආයතන විසින් ඉවතලන තඹ, පිත්තල, ඇළුමිනියම් ආදී ද්‍රව්‍යයන් ජාතික ශිල්ප සභාව වෙත සහන මිලකට ලබා ගැනීමටත් කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.