• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා මෙල්බර්න් ගුවන් තොටුපොළේදී ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

-ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපළේදී, ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන මිලදී ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු ක්‍රමවේදය අනුගමනය කර ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන්යානා සඳහා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 18.47ක මුළු ඇස්තමේන්තුගත පිරිවැයකට Vitol Aviation BV සමාගම වෙත පිරිනැමීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.