• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1997 අංක 30 දරන ඇප පනත සංශෝධනය කිරීම

-1997 අංක 30 දරන ඇප පනතේ දැක්වෙන දඩ මුදල් වර්තමාන අවශ්‍යතාවන්ට නොගැලපෙන බැවින්, එකී පනත සංශෝධනය කිරීම පිණිස 2019 සැප්තැම්බර් මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ එකඟතාව ලැබී ඇත. ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.