• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) යටතේ පවතින සියලුම ණය ක්‍රමයන් සඳහා වන පොලී අනුපාතය නැවත නියම කිරීම සහ කෘෂිකාර්මික අගයදාම ව්‍යාපෘති සංවර්ධනය කරන හවුල්කාර/ප්‍රවර්ධක සමාගම් සඳහා සහන පුළුල් කිරීම - කුඩා පරිමාණ කෘෂිව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP)

-කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) සහ ශ්‍රි ලංකා රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන (SAPP) යටතේ දැනට ලබා දෙනු ලබන ණය පහසුකම් තවදුරටත් ව්‍යාප්ත කරමින් පහත සඳහන් අයුරින් ක්‍රියාත්මක කිරීම පිණිස එම වැඩසටහනේ ජාතික මෙහෙයුම් කමිටුව විසින් ගෙන ඇති තීරණය පරිදි කෘෂිකර්ම අමාත්‍යතුමා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද පහත සඳහන් කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* කුඩා පරිමාණ සහභාගිත්ව වැඩසටහන යටතේ ලබා දෙන සියලු ණය ක්‍රමයන් සඳහා වන වාර්ෂික පොලී අනුපාතය වහාම ක්‍රියාත්මක වන පරිදි 6.5%ක් ලෙස සංශෝධනය කිරීම.

* කෘෂිකාර්මික අගයදාම ව්‍යාපෘති සංවර්ධනය කරන හවුල්කාර/ප්‍රවර්ධන සමාගම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6.5%ක් යටතේ ඇ‍ෙමරිකානු ඩොලර් 100,000ක උපරිමයකට යටත්ව ගැලපුම් ණය පහසුකමක් ලබා දීම.

* කෘෂිකාර්මික අගයදාම ව්‍යාපෘති සංවර්ධනය කරන හවුල්කාර/ප්‍රවර්ධන සමාගම් සඳහා දෙන ගැලපුම් ණය මුදල ඇ‍ෙමරිකානු ඩොලර් 50,000 සිට ඇ‍ෙමරිකානු ඩොලර් 100,000 දක්වා ඉහළ දැමීම.