• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෛව විවිධත්වය හා බැඳුණු පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග

-ජෛව විවිධත්ව සංරක්ෂණය, තිරසර භාවිතය සහ එහි ප්‍රතිලාභ සාධාරණ හා යුක්ති සහගත ලෙස බෙදී යාම අරමුණු කර ගත් ජෛව විවිධත්ව සම්මුතියට 1992 වර්ෂයේදී ශ්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇත. එකී සම්මුතියේ විධිවිධාන අනුව ජෛව විවිධත්වය හා සම්බන්ධ සංස්කෘතික විවිධත්වය, දේශීය ජනතාව හා ඔවුන් සතු දේශීය දැනුම, එහි නිපැයුම් සහ භාවිතයන් පිළිබඳ කටයුතු කිරීමටත්, ඒවා සංරක්ෂණය කිරීම සඳහා පියවර ගැනීමටත් රජය බැඳී සිටී. ඒ අනුව, පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික විද්වත් කමිටුවේ මෙහෙයවීමෙන් අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සහ මහජන අදහස් හා යෝජනා ද ලබා ගනිමින් සකස් කරන ලද ජෛව විවිධත්වය හා බැඳුණු පාරම්පරික දැනුම හා ව්‍යවහාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ග, පරිසර අමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, එකී ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.