• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත නාගරික සංවර්ධන ව්‍යාපෘති සඳහා රජයේ හා පෞද්ගලික ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරීම/අත්කර ගැනීම

-කොළඹ නගරය ඇතුළුව ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගෙන නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිවලට අදාළ මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා හඳුනාගනු ලැබ ඇති රජයට අයත් ඉඩම් කොටස් මෙන්ම පෞද්ගලික අංශයට අයත් ඉඩම් කොටස්, නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගත යුතුව ඇත. ඒ අනුව, රජයට අයත් ඉඩම් කොටස් 39ක් රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්, පෞද්ගලික හිමිකාරිත්වය ඇති ඉඩම් කොටස් 05ක් ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත අත්කර ගැනීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.