• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝග

- වර්තමානයේ රක්ෂණ නියාමන කොමිෂන් සභාව නමින් හඳුන්වනු ලබන ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරය විචක්ෂණ හා දුරදැක්මක් සහිතව වෘත්තීය මට්ටමෙන් පවත්වාගෙන යාම තහවුරු කරමින් ඔප්පු හිමිකරුවන් හා ඔප්පු හිමිකරුවන් විය හැකි අයගේ අයිතීන් ආරක්ෂා කිරීම අරමුණ හා වගකීම කර ගනිමින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ව්‍යාපාරය සංවර්ධනයට, අධීක්ෂණයට හා නියාමනයට ප්‍රතිපාදන සලසමින් පෙර පැවති 1962 අංක 25 දරන පනත වෙනුවට 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත හඳුන්වා දී ඇත.

පෙර පැවති පනත යටතේ 1990-05-15 දිනැති අංක 610/4 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් නිකුත් කරන ලද රෙගුලාසි සංශෝධනය කිරීම සඳහා නව පනතේ 16 වන වගන්තිය සමඟ කියවිය යුතු 112(3) වගන්තිය යටතේ මුදල් අමාත්‍යතුමාට පැවරෙන බලය මත නිකුත් කර ඇති 2019-04-08 දිනැති අංක 2118/1 දරන අති විශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.