• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිලි ලීටර් 20 (20ml) ද්‍රාවක වයල්ස් සමඟින් ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිල්ග්රෑම් 440න් (440mg) වයල්ස් 6,875ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය

- ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ට්‍රස්ටුසුමැබ් ඖෂධය ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මිලි ලීටර් 20 (20ml) ද්‍රාවක වයල්ස් සමඟින් ට්‍රස්ටුසුමැබ් ඉන්ජෙක්ෂන් මිල්ග්රෑම් 440න් (440mg) වයල්ස් 6,875ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය තුර්කියේ M/s Transfarma Dis Ticaret Anonim Sirketi වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල යුරෝ මිලියන 1.62ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.