• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 11,250ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය

- ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන බෙවසිසුමැබ් ඖෂධය ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි බෙවසිසුමැබ් ඉන්ජෙක්ෂන් 100mg/4ml වයල්ස් 11,250ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය M/s Medmart Pharma (Pvt) Ltd. වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 196.88ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.