• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම

-හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු සපයා ගැනීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම සඳහා පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* හඳුන්කූරු නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් යොදා ගන්නා විශේෂිත උණ බට කූරු නියමිත ප්‍රමිතියෙන් යුතුව අවශ්‍ය ප්‍රමාණය දේශීයව නිෂ්පාදනය කරගන්නා තෙක් නිෂ්පාදන සඳහා අවශ්‍ය උණ බට කූරු විදේශ රටවලින් ආනයනය කිරීම.

* එලෙස ආනයනය කරනු ලබන උණ බට කූරු සඳහා බදු සහනයක් ලබා දීම.

* මෙම විශේෂිත උණ ශාකය (ගල් බම්බු - Bambusa aspera) පවතින ප්‍රදේශ හඳුනාගැනීම හා එම ශාකය වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගැනීම.

* හඳුන්කූරු නිෂ්පාදනය සඳහා වැඩිදියුණු කළ තාක්ෂණික උපාංග හඳුන්වාදීම පිණිස කාර්මික සංවර්ධන මණ්ඩලයේ දායකත්වය ලබාගැනීම.