• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - අදියර 3

-මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ කොළඹ නගරයේ ඊසාන දිග හා නිරිත දිග ප්‍රදේශවල ජල සැපයුම් පද්ධති පුනරුත්ථාපනය කිරීම, පුළුල් කිරීම සහ අය කිරීමකින් තොරව සපයන ජලය සීමා කිරීම සහ කොළඹ නගරයේ දකුණු පෝෂක ප්‍රදේශයේ අපජල කළමනාකරණ පද්ධතිය පුනරුත්ථාපනය කර පුළුල් කිරීම සිදු කරනු ලබයි. ඒ යටතේ වන ව්‍යාපෘති 2012 සිට 2022 ඔක්තෝබර් මස 24 දින දක්වා වන කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එම වැඩසටහනේ අදියර - 3 යටතේ ණය පහසුකම් 2ක් ලබා දෙන අතර, ඒ යටතේ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

* කිරුළපන පෝෂක ප්‍රදේශය සඳහා නව අපජල ගුරුත්ව නළ, පීඩන නළ සහ පොම්පාගාර ලබා දීම

* වැල්ලවත්ත අපජල පවිත්‍රාගාරය ඉදි කිරීම

* කොළඹ නගරයේ ඊසාන දිග හා නිරිත දිග ප්‍රදේශවල ජල සැපයුම් පද්ධති පුනරුත්ථාපනය කිරීම, පුළුල් කිරීම සහ අය කිරීමකින් තොරව සපයන ජලය සීමා කිරීම

* කොළඹ මහ නගර සභා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයට සහාය වීම සඳහා වාහන හා කාර්යාලීය උපකරණ ප්‍රසම්පාදනය සහ පුහුණු වැඩමුළු පැවැත්වීම

මෙම වැඩසටහනේ අදියර - 3 යටතේ වන වත්මන් ණය පහසුකම 2020 දෙසැම්බර් මස 31 දින අවසන් වීමට නියමිත වන බැවින්, එකී ණය පහසුකම 2022 ඔක්තෝබර් මස 24 දින දක්වා දීර්ඝ කිරීම පිණිස රාජ්‍ය ‍සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.