• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාකිස්ථාන - ශ්‍රී ලංකා වෙ‍ෙළඳ ගිවිසුම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම

-පාකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුමේ විධිවිධාන අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000ක් වාර්ෂිකව ආනයනය කිරීමට හැකියාව පවතී. පසුගිය කාලයේදී එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ද අවසර ලබා දී තිබූ නමුත්, නියමිත වර්ගයන්ට අයත් නොවන සහල් ආනයනය කරමින් විවිධ අක්‍රමිකතා සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ (නීතිගත) සංස්ථාව සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව/ලංකා සතොස සමාගම යන ආයතන විසින් පමණක් එම පහසුකම යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම පිණිස වෙ‍ෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.