• Increase font size
  • Default font size
  • Decrease font size

2020-10-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම

-භූගෝලීය දර්ශක වශයෙන් ප්‍රවර්ධනය කළ හැකි දේශීය නිෂ්පාදන රාශියක් පවතින අතර දේශීය මෙන්ම විදේශීය වෙ‍ෙළඳපොළ තුළදී ව්‍යාජ අනුකරණ හේතුවෙන් එවැනි නිෂ්පාදනයන්ට දැඩි තරගකාරිත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින්, එවැනි නිෂ්පාදන භූගෝලීය දර්ශක වශයෙන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම යෝග්‍ය බව හඳුනාගෙන ති‍බේ. ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ භූගෝලීය දර්ශක ලියාපදිංචි කිරීම සඳහා පුළුල් හා නිශ්චිත නීතිමය රාමුවක් ස්ථාපනය කිරීමට හැකි වන පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙ‍ෙළඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.